Tuesday, November 21, 2023

සුන්දරත්වයකි නුඹ...


බැඳීම්වලට පුලුවන්ද 

අපේ ජීවිත සීමා කරන්න..?


ඔව් ඇත්තෙන්ම පුලුවන්..

ප්‍රියතාවයක්,

අප්‍රිය කරවන්න..

කැමැත්තක්

අකමැති කරවන්න..

නිදහස,

සීමා කරවන්න..


බැඳීම් කියන්නෙ

බැඳෙන එකමයි..


නමුදු..,

සැබෑවටම ජීවිතේ තමන්වම

බැඳීම තුලින්මත්

ඉස්මතු කරයි නම්,

එය නම් බැඳීමක්ම නොව

වචන ගැලපිය නොහැකි සුන්දරත්වයකි..


එවැනි සුන්දරත්වයක්

උදා කල,

මා ප්‍රේමිය ඔබ

වචන ගැලපිය නොහැකි සුන්දරත්වයකි...


#TAZA 



මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...