ඔබ මා අතර ඇත්තේ
අල්ප දුරක් වූවද,
එය ගව් ගණනක් සේ
දැනෙන්නේ මන්ද..,
ඔබ මා හමුවීමට ඇත්තේ
මොහොතක් වූවද,
එය කල්පයක් සේ
දැනෙන්නේ මන්ද..,
මා නොදනිමි..
මා දන්නා දෙය නම්,
හමුවූ දිනයේ පටන්
ගතවන හැම මොහොතක් පාසා
ඔබ කෙරෙහි ඇති ප්‍රේමය දළුලා
වැඩෙන බව පමණක්ම ය...
#TAZA
