Sunday, August 27, 2023

ආදරණීය ප්‍රේමිය වෙත..,

මතකද අපි පලවෙනියට හම්බුන දවස,

ඒක ගොඩක් ඈත කාලයක..

මතක ගොන්නෙ පැහැදිලි නැති

මතක ගොඩක්..


ආදරය කියන දේ නොදන්න කාලයක්..

එහෙම කාලයක,


මතකද අපි පලවෙනියට වෙන්වුණු දවස,

ටිකෙන් ටික අපේ හමුවීම් නැති උන හැටි

දුරින් දුරට ගිහින් අයේ හමුනොවී

දින සති මාස අවුරුදු ගෙවුණු හැටි..


මතකද අපි ආයෙ අහම්බෙන් හම්බුන දවස,

දිවසින් දවස අපි ජීවිතය බෙදා ගත්ත විදිහ

ටිකෙන් ටික අපිට අපිව ඕනි උන විදිහ

හිමීට හිමීට අපි ආදරය කරන්න ගත්ත විදිහ..


අද වෙනකොට අපි ආදරය කරනව..


කොහොම දේවල් තිබ්බත් 

ඒ දේවල් ලඟ නතර වෙන්නෙ නැතුව,

අපි අපිව හොයාගෙන..


සමාන සිතුම් ඇත්තන්

කවදා කෙලෙසක හෝ

වෙන්වූවද..,

කවදා කෙලෙසක හෝ

නැවත හමුවේ..


මා වෙනුවෙන් බලා සිටියාට තුති...


#TAZA 



මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...