Monday, July 17, 2023

ඔබ ප්‍රේමයට තුති...

ප්‍රේමයේ බැඳීම පහසුයි..

සැබෑ ප්‍රේමයක බැඳීම අපහසුයි..


අපි ඇතුලෙ ජීවත් වෙනව ආත්මයක්.,

ඒ ආත්මය තමයි ඇත්තටම අපි

කිසි මවාපෑමක් නැති අපි..


ගැලපෙන ප්‍රේමයට පුලුවන් 

ඒ ආත්මය සුවපත් කරන්න..

නොගැලපෙන ප්‍රේමයට පුලුවන් 

ඒ ආත්මය ඝාතනය කරන්න..


ආත්මය ජීවත් කල හැකි

ප්‍රේමය හමුවූ විට..,

ඔබට දැනේවි,

ඔබ ජීවත් වෙන බව..


ප්‍රේමිය..,

මා ජීවත් කරන්නා වූ

ඔබ ප්‍රේමයට තුති...


#TAZA




Monday, July 10, 2023

බලා සිටිමි...

ප්‍රේමවන්තයන්,

ප්‍රේමය වින්දේ 

ලංව සිටිනා විටදීම පමණද..?


ප්‍රේමවන්තයන්,

ඔවුන්ව දුටුවේ

ඇත්තටම ඇසින් පමණද..?


ප්‍රේමවන්තයන්ට,

ඔවුනොවුන් දැනුනේ

ස්පර්ශයෙන්ම විතරද..?


නැත..

ප්‍රේමවන්තයන්

කෙතරම් දුරින් සිටියද,

ප්‍රේමය විඳිති

ඔවුනොවුන් දකිති

ඔවුනොවුන් විඳිති..


එලෙස..,


ඔබව හිමිවීම නොවීම

අවිනිශ්චිත වූ කාලයක වූවත්,

ඔබව හිමිවීම

නිශ්චිත කාලයේ වූවත්,

ඔබ වෙනුවෙන් 

මම බලාසිටිමි

ඔබව විඳිමි

ඔබව දකිමි...


#TAZA 




මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...