Thursday, November 17, 2022

ප්‍රේමය උපදීවි...

 

ආදරේ කරන්නෙ කාටද..?

ආදරේ කරන්නෙ ඇයි..?


පෙම්වතියක් දුටිමි,

පෙම්වතාගෙන් තොර

වෙන පෙමක් සොයන..


බිරිඳක් දුටිමි,

සැමියාගෙන් තොර

වෙන ඇසුරක් සොයන..


ඇත්තටම ඔවුන්

සතු කරගෙන ඇත්තේ 

ආදරයද..?


තමාගේ හැඟීම් අසම්පූර්ණ තැන්වල

තමාගේ නිදහස අසම්පූර්ණ තැන්වල

ඇතැමුන් මුලාවී ආදරය සොයති..


තමාට නිදහස් ඇති

තමාගේ හැඟීම් තේරුම් ගන්නා

තමාගේ ජීවිතයේ ජීවත් වෙමින්

එම ජීවිතය බෙදාගත හැකි

අයෙකුට

ආත්මීයව බැඳෙන්න..


ප්‍රේමය උපදීවි...


#TAZA 





මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...