Sunday, March 27, 2022

එකල සිතුවෙමි...

එකම සිතුම් පැතුම් ඇති,

එකම කල්ක්‍රියා ඇති,

එකම කෝණයෙන් ලෝකය දකින්නා වූ,

සම්පූර්ණයෙන් එකිනෙකාට සමාන වූ,

එකදු වෙනස් සිතුවිලි හෝ අදහස් නොමැති නම්..

ඔවුන්ගේ බැඳීම් සර්වසම්පූර්ණ යැයි

මා එකල සිතුවෙමි..


එකම ලෙස වූ කල,

ගැටුම් නැත

හිත් රිදවීම් නැත

දුකක් නැත

එවිට බැඳීම ශක්තිමත් හා සුන්දරය..

මා එකල සිතුවෙමි...


කාලයේ ඇවෑමෙන් මට ඔබ හමුවිය..


එවිට මා තේරුම් ගත් 

අත්විඳි දෙයකි

බැඳීමක් ශක්තිමත් හා සුන්දර වීමට නම්.., 

වෙනස් වූ අදහස් සිතුවිලි යම් ප්‍රමාණයක් තිබිය යුතුය..


නමුදු අවසානයේ,

ඔබට ඇය ඇයට ඔබ සිටිය යුතුමය..


වටහාදීම වෙනුවෙන්,

ඔබට තුති...


#TAZA 





මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...