Thursday, June 17, 2021

හීන කියන්නෙ...

 

හීන..,

හීන කියන්නෙ

ඕනෑම මිනිහෙක් තුල තියෙන

ඕනෑම ආකාරයක ආශාවක්..


පුද්ගලයා අනුව සිහින,

එකෙනෙකට වෙනස්..


එලෙස කලක් තිස්සේ

මා තුල ජීවත් විය සිහිනයක් ලෙස

ආත්මයක්..

ඔව්,

ප්‍රේමණීය ආත්මයක්..

දුක කෙසේද

සතුට කෙසේද ලෙස

සිත හොඳින් හැඳිනූ ආත්මයක්..


සිතෙහි ජීවත් වූ ආත්මයට

දැඩිසේ ආලය කලෙමි..

ආත්මය සැබැවින්ම දැන

ආලයෙන් බැඳී ජීවත් වීම සිහිනයකි..


සිහින සැබෑවීම් විරලය.,

සොඳුරිය,

ඔබ නිසාම විරල සිහින සැබෑවීම

අත්වින්දෙමි...


#TAZA



Wednesday, June 2, 2021

අනෝරා වැස්ස...

බැඳීම් වලින් මිදී

තනිවීමට හේතු සොයන්නෙකු,

බොහෝ කල්හි

බැඳීම්වලින් පීඩිත වූවෙකි..


එවැන්නකු..,

බැඳීම් වලින් මිදී

හුදකලාවට පෙම් බඳිනුයේ,

බැඳීමක දුකම පමණක් විඳි නිසාවෙනි..


බැඳීම් හේතුවෙන්ම

ඇවිලෙමින් තිබූ හද ගින්න,

බැඳීමෙන්ම..,

නිවා දැමූ වැස්ස නුඹම ..

ඔව්..,

නුඹම විය මා වෙනුවෙන් ඇදහැලුණු 

අනෝරා වැස්ස...


#TAZA



මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...