Saturday, November 14, 2020
Tuesday, November 10, 2020
හේතුව නම් නුඹම ය...
බැඳීම් තුල,
කාලයක් අතරමං වූ මිනිසුන්..
කෙමෙන් කෙමෙන්
හුදකලාවට
පෙම් බැන්දෝය..
හුදකලාව තුල පවතිනු ලබන
මූසල හැඟීම් තුල
කාලයක් ගතවනතුරු ඔවුන්
ජීවත් වී..
තනිකමේ කර්කශක බව වටහාගත් වහා,
තමා ජීවිතය කරගත්තා වූද,
තමාගේ අදහස් ප්‍රතිමූර්ත කරන්නා වූද,
තමා තුලින් හටගන්නා වූද,
එක්තරා වූ ආත්මගත ප්‍රේමයකට,
අසීමිතව ප්‍රේම කරති..
එයිනුත්..
ඉතා අතලොස්සක්
තම ආත්මගත ප්‍රේමය
සැබැවින්ම හිමිකර ගනිති..
ප්‍රේමිය,
මම ද ඒ අතලොස්සෙකි..
හේතුව නම්
නුඹම ය...
#TAZA
Monday, November 2, 2020
මා සිත්තරාවිය...
සිතුවමක් නම්,
මා ප්‍රේමවන්තිය
සිත්තරාවියකි..
මන්ද යත්..,
නිසියාකාර වර්ණ ගැලපුම් නැති වූත්,
නිසියාකාර තේමාවකින් හැඩ නොවූත්,
මා ජීවිතය
නම් වූ සිතුවම..,
නොගැලපෙනා වූ හැඩ මකාදමා
ගැලපෙන්නා වූ අවශ්‍යය හැඩ මතුකර
මනා වූ වර්ණ සංකලනය කර
සම්පූර්ණ කල හෙයිනි..
ප්‍රේමිය,
ඔබ නම්
සිත්තරාවියක්ම ය...
#TAZA
මාගේ පරිචාරිකාව...
අතීත දවසක ලොවට නොපෙන්වා ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද නිදහසේ විඳිමි.. ල...
-
අතීතයේ අඳුරු වලාකුලු මා සිත් අහස පුරවද්දී, වලාකුළු දුරලමින් ඇදහැලුණු වැස්ස නුඹයි.. වියෝවේ රශ්මියෙන් හදමඩල ඉරිතලද්දී, සීතල ජල දහරින් මා සනහාල...
-
අතීතයේ එක් දිනකදී.., අප, මඟ හැරුණු කාලයක ආගන්තුකයින් ලෙසින් හමුවීය.. අඳුරු සෙවනැලි අන්ධකාරයෙන්, වෙලී තිබූ මසිත අන්ධකාර රාත්‍රියක පෑයූ පුර ...
-
අතීත දවසක ලොවට නොපෙන්වා ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද නිදහසේ විඳිමි.. ල...


