Tuesday, August 25, 2020

මා භාග්‍යවන්ත වුණෙමි...

සෑම ස්ත්‍රීයක් තුලම,

පෙම් බඳින්නා වූ

පිරිමි ආත්මයක් 

ජීවත් වේ..


එලෙසින්ම..,


සෑම පුරුෂයෙක් තුලම,

පෙම් බඳින්නා වූ 

ගැහැණු ආත්මයක්

ජීවත් වේ..


තමා තුල ජීවත් වන්නා වූ..,

ආත්මගත ප්‍රේමය,

සැබෑ ජීවිතයේ හමුවීමට නම්..

ඔහු හෝ ඇය 

භාග්‍යවන්ත විය යුතුමය..


පෙම්බරිය..,

ඔබ හමුවීමට

මම භාග්‍යවන්ත වුණෙමි...


#TAZA



Saturday, August 8, 2020

ඔබ හා මා...


බොහෝ කල්හි..,

ප්‍රේමයෙන් බැඳීම

පහසුය..

ප්‍රේමය පවතාගෙන යාම

අපහසුය..


ගතින් ලංවීම

පහසුය..

සිතින් ලංවීම 

අපහසුය..


සිතින් ලංවී

ප්‍රේමය තුල ජීවත් වන්නට නම්,

ඔවුනොවුන්

බොහෝ සෙයින් සමාන විය යුතුමය..


ප්‍රේමිය,

ඔබ මම සමානදැයි

මා නොදනී..

නමුදු..,

මා දන්නා කරුණ නම්,

ඔබ තුලින් මට මා හමුවූ බවමය... ❤️

      

#TAZA






මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...